Monday, April 10, 2017

සිරිපා කරුණාව 2017 (එරත්න හරහා)

හෙනං හා හා පුරා කියලා පළවෙනි පෝස්ට් එක ලියන්ඩ යන්නේ.... මේක ලියන්ඩ මුලින්ම මට හිතුනේ සිරාගේ කාමරේ තිබුණ "කිරි කෝඩු සිරාගේ සිරිපා කරුණාව" දැක්කහම.

මම ඉස්සර ඉඳලම ඇවිදින්ඩ ආසයි.... අපේ අම්මත් කියන්නේ මම කවදාවත් ගමනක් යනකොට අඬලා, වමනේ දාලා නෑ කියලා..... ඔය ඔක්කොම දේවල් එක්ක මම සෑහෙන්ඩ ලංකාව ඇතුලේ ඇවිද්දා. ගිය අවුරුද්දේ මාර්තු මාසෙ විතර අසා කිව්වා සිරීපාදේ යන්ඩ තිබ්බනං හොඳයි කියලා. තුන්හතර පාරක් මම ඒවෙනකොට සිරීපාදේ කරුණාකරලා තිබ්බත් මේකා කිව්වට පස්සේ මටත් යන්ඩ ඕනේ කියල දොළදුකක් වගේ එකක් අවා. ඒ එක්කම මේපාර  යන එක වැඩිදෙනෙක් යන පාරෙන් නැතුව වෙන පාරකින් යන්ඩ ඕනේ කියලත් හිතුනා. එතකොට තමයි මට දැනගන්ඩ හම්බඋනේ එරත්න හරහා සිරීපාදේ යන පාර ගැන.

මුලින්ම මම කලේ එරත්න හරහා සිරීපාදේ ගිය අය හොයපු එක. එතනදි මට මගේ පරණ බොස් කෙනෙක් උනු අතා ලොක්කා විස්තර ටිකක් දුන්නා. තව ටිකක් මම අන්තර්ජංජාලේ පෙරලලා හොයාගත්තා. ඊට පස්සෙ මම කලින් කිව්වා වගේ අසාට කිව්වා මේ ගමන ගැන. ඇත්තම කිව්වොත් ඒවගේ පාරක තනියම යන්ඩ එකසැරේ හිත හදාගන්ඩ අමාරු පාටක් මට දැනිලා තිබ්බේ. ඌත් කැමති වෙච්ච එකේ අපි දෙන්නා සතියේ මැද දවස් දෙකක් නිවාඩු දාලා ගමන යන්ඩ තීරණය කලා..... ඔය ඔක්කොම ටිකට ඕනෙනං දවස් හතරක් යන්ඩ ඇති....කළින්ම කන්තෝරුවෙන් නිවාඩු දෙක අනුමත කොරගෙන අපි උදේ 7වෙද්දි පිටත් උනා..... එහෙම ගිය අපි දෙන්නා සිරීපාදේ කරුණාකරලා ඊට පහුවදා රාත්තිරියේ අපේ ගෙවල් වලට ආවා. ඔය 2016 වෙච්ච විදිහ. 2017 වෙන මේ අවුරුද්දෙත් 2016 විදිහටම සිරීපාදේ යන්ට ඕනේ කියලා මම හිතාගෙන හිටියේ. අන්තිමට මේ ගමනට ඔක්කොම 5දෙනෙක් එකතු උනා. අපි ඔක්කොම කන්තෝරුවල රාජකාරි කොරන උන් හිංදා නිවාඩු දවසුත් එක්කම ගමන ප්ලෑන් කොලා. අන්තිමට තීන්දු උනේ  නවවෙනිදා(09) ගොහිං දහවෙනිදා(10) ආපහු ගෙවල් වලට එන්ඩ.  මේ කියන්නේ මාර්තු වත් අප්‍රේල් වත් නෙමේ.... පෙබරවාරි.....ඒ විදිහට කරපු ප්ලෑන් එක නවවෙනිදා උදේ ක්‍රියාත්මක උණා.

දේ හත වෙද්දි කඩවතින් පිටත් වෙලා දොම්පේ, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ වෙනකල් ආපු අපි, එතනිං පස්සේ කෙලිම්ම කුරුවිට නැවතුනේ ගෙදර යන ගමන් එකේ. කුරුවිටින් පාන්, ලොකු කෑන්ඩ්ෆිෂ් එකක්, බිස්කට් පැකට් දෙක තුනක්, වතුර බෝතල් දෙක තුනක් වගේම ඉහළ සීනි මට්ටම කියලා රතු පාට රවුම් ලේබල් එකක් ගහලා තියෙන ලොකු බීම බෝතලයකුත් අරං අපි පිටත් උනා. ඔය ටිකත් එක්කම හදිස්සියක් උනොත් කියලා පොඩි බේත් ටිකකුත් අරගෙන තමයි අපි ගියේ.......

පි මුලින්ම ගියේ දිවා ගුහාව කියලා හඳුන්වන බටතොටලෙන පන්සලට. ඔය පුරාණ විහාරය තමයි බුදු හාමුදුරුවෝ විවේකයෙන් ගතකල දිවා ගුහාව කියලා වදාළේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ.  දිවාගුහාවට යන්න ටිකක් දිග පඩි පෙළක් නගින්ඩ ඕනේ. මේ පහලින් තියෙන්නේ එතැනදී ගත්ත ෆොටෝ කෑලි ටිකක්.

බටතොටලෙන පන්සලට යන්ඩ හැරෙන පාර 
දිවා ගුහාවේ ඉන්න ගෙම්බා
ඇතුලේ
ගලේ ඇඳලා තියෙන පුංචි රූපයක් - ඇඳලා කිව්වට බදාම ටිකක් උඩ වගේ තියෙන්නේ.

එතැනම තිබුණු පිළිමයක්
එතන උඩ ඉඳලා වටේ පෙනෙන විදිහ
තැනදී බුදුන් වැඳලා, පහලට බැහැලා ආපහු එරත්න පාරට එනකොට තමා මතක් උනේ ග්ලූකෝස් ගත්තේ නෑ කියලා. ඒ ටිකත් එතන හන්දියේ තියෙන කඩෙන් ඇරගෙන කෙලින්ම අපි ආවේ එරත්න සිරීපාද ප්‍රවේශ මාර්ගය කියන පාරෙන්. එතැනදී අපි පළවෙනි ඇඳුම් මාරුව කරගත්තා. අපි ඔක්කොමලා කොට කලිසං ඇඳන් සපත්තු දාගත්තේ ඊට පස්සේ සීත ගඟුල ගාවට යනකල් තියෙන පාර ගැන දන්න හිංදා. ගමන පටන්ගන්න කලින් දුමක් දැම්මොත් හොඳයි කියල හිතුනු නිසා මම දුමක් හෙව්වත් එතන තියෙන එක කඩේකවත් සිගරට් නෑ කියහන්කෝ. එතකොට තමයි මම දන්නේ මේ වාරේ තදින් මතට තිත කියලා. ඊට පස්සේ, මම ඉතිං හිත හදාගෙන කට්ටියත් එක්ක සමන් දෙයියන්ගේ ආරස්සාවයි කියලා සමන් දෙයියන්ගේ අඩවියට ඇතුල් උනා.

ටන් ගන්නකොටම වගේ අඩවිකන්ද පොලිස් මුරපොල තියෙනවා. ගියපාර මුකුත් බැලුවේ නැතිඋනාට මේපාර අපි ඔක්කොගෙම මළු ටික ඇතුලට අත් ඔබළා පොලීසියෙන් බැලුවා. අහිංසක අපි ගාව මුකුත්ම තහනම් දේවල් නෑ කියලා ඒ මහත්තුරුන්ට තේරුණ හින්දා, අපිට සමන් දෙවියන්ගේ ආරස්සාව පතලා අපිට  ගමන පටන්ගන්න අවසර දුන්නා. මේ තියෙන්නේ එතන ඉඳලා යනකොට ගත්ත ෆොටෝ කෑලි ටිකක්....

යන්ඩ තියෙන පාර

2017 ගිය උන්.... එකෙක් අඩුයි...
මේ ගමනෙදි හැටන් පාරේදී වගේ කඩ හරි දන්සැල් වත් නෑ. ඒ හින්දා තියෙන හැමදේම හරියට මැනේජ් කරගන්ඩ වෙනවා...... අපි මේ පාර ගියේ පෝයට කලින් දවසේ උනත් ඊට පස්සේ දිග නිවාඩුවක් තියෙන හින්දා සෙනග වැඩිවෙයි කියලා අපි දැනගෙන හිටියා.

මේ ගමන යනකොට අම්බලම් හතක් ද කොහෙද හම්බවෙනවා. හතක් විතර කිව්වේ ඇත්තටම මට හරියට මතක නැති හිංදා. ඒවා පිළිවෙලින් කිව්වොත් මෙහෙමයි,

ජම්බෝල ගහයට අම්බලම
ඩයමන්ඩ්ගල අම්බලම
වර්ණගල අම්බලම
සීත ගඟුල අම්බලම
මැදහින්න අම්බලම
ගෙත්තම්පාන අම්බලම
හැරමිටිපාන අම්බලම

ය සමහර අම්බලම් ගාවම ආපනශාලාව කියලා පොඩි කඩයකුත් තියෙනවා. ඔය කඩ ඇරලා තියෙන්නේ සෙනග ඉන්න දවස්වල විතරයි කියලා තමයි මට දැනෙන්නේ. මොකද අපි ගියේ සතියේ දවසක හින්දා සමහර කඩ වහලා තිබ්බා. එත් ආපහු එනකොට ඒ කඩ ඇරලා.... මොකද එතකොට නිවාඩු දවසක්, සෙනගත් ඉන්නවා. ඔය විදිහට කඩ වහලා තිබිලා 2016දී අපි හොඳ පරිප්පුවකුත් කෑවා. කෑවා කිව්වට බඩගින්නේ යන්ඩ උනා. මේ තියෙන්නේ අම්බලම් වල ගත්ත ෆොටෝ ටිකක්.

ජම්බෝල ගහයට අම්බලම
(Google දෙයියාගෙනි)

ඩයමන්ඩ්ගල අම්බලම
(ජයරත්න මාමි මේ  බලන්න)
නිත් අම්බලම් වල ෆොටෝ නෑ .... වැඩේ කියන්නේ අපි අරගෙනත් නෑ .... ලබන සැරේ ගියොත් අරගෙන එන්නං.

යමන්ඩ්ගල අම්බලමේ ඉඳලා පොඩ්ඩක් උඩට යනකොට පොඩි පාලමක් හම්බවෙනවා. පොඩි බෝඩ් කෑල්ලකුත් එක්ක. මේ තියෙන්නේ....

(Google දෙයියාගෙනි)

කියවන්ඩ පේනවද ?

මේ පහල තියෙන්නේ වර්ණගල දිය ඇල්ල. මේක බලන්ඩ ඕනේ නම් වර්ණගල අම්බලම ගාවින් මීටර් 150ක් විතර ඇතුලට යන්ද ඕනේ..... ලස්සනයි නෙහ් ?
හැම ෆොටෝ එකේම හැලපයෙක් ඉන්නවමනේ..... (2016)
වීඩියෝ එකකුත් බලනවද ?





පහු හරි පාරට ඇවිත් තව ටිකක් කන්ද නැගගෙන ගිහාම පොඩි තැනිතලා ගතියක් තියෙන හරියක් හම්බ වෙනවා.
යන පාර - ඔහොම යං
(Google දෙයියාගෙනි)
හොම්මම අපි බයිලා කියවගෙන ඉස්සරහට එනකොට සීත ගඟුල හම්බවෙනවා. එතනට එනකොට යක්කු දෙතුන්දෙනෙක් කන්ඩ බඩගිනියි. කෑම ලෑස්ති කරලා තියන්න කියල එතැන තිබ්බ පොඩි කඩේට කියලා, අපි ටික සීත ගඟුලට බැස්සා...... සෝක් සීතල වතුර ටික......

සීත ගඟුල
ඔව්-වොව් වතුර අඩුයි තමයි..... හැබැයි මැරෙන්ඩ සීතලයි.... 

නාලා,  කාලා අපි සීත ගඟුලෙන් එගොඩ උනා. අපේ සැට් එකේ දඬු කෝඩු දෙන්නෙක් හිටපු හින්දා, අදාළ වතාවත් කරලා එහෙම අපි හවස 6 විතර වෙනකොට ආපහු ගමන් පටන් ගත්තා.

මෙන්න අගනා අතිරේක ප්‍රශ්නයක්....... කිරි කෝඩු, දඬු කෝඩු වෙනස දන්නවද ?

සීත ගඟුල ගාව අම්බලම් දෙකක් තියෙනවා. ඒ තියෙන්නේ සීත ගඟුල දෙපැත්තේ. අපි ගොඩ වෙච්ච පැත්තේ ඒ වෙලාවේ කොපි දන්සැලක් දෙනවා. කොපි දන්සලත් වැඳ ගෙන අපි ගමන පටන්ගත්තේ පහුවදා දවල්ට එතනම දෙන බත් දන්සලත් වදින්න එන බලාපොරොත්තුවෙන්. එතැන ඉඳලා සෑහෙන දුරක් කන්ද නැගගෙන යන්ඩ තියෙනවා. ඊට පස්සේ මැදහින්න අම්බලම පහුකරලා හැරමිටිපාන අම්බලම ලඟට එනකොට සෑහෙන්ඩ රෑ වෙලා. එතනින් බඩගිනි උන්ට කන්ඩ දීලා, කෝඩු දෙන්නට කෝඩු පැකට් එක ගානේ දුන්නා. ඔන්න ඉතිං ඒ ටිකත් කරලා ආපහු යන්ඩ ගත්තා..... ගිය අවුරුද්දේ (2016) යද්දී මෙන්න මෙතැනදී කරන්ට් එක ගියා.... රෑට මෙතනට උඩමළුව වගේම හැටන් පාරත් පේනවා. එදා කොටින්ම කියන්නේ එදානං උඩ මළුවත් කරුවලේ..... ඒ අවුරුද්දේ අපි කෑලි කපන්ඩ පුළුවන් කට්ට කරුවලේ ගමන ගියේ, පොඩි ටෝච්එකක එළියෙන්. මේ සැරේ කිසිම කරදරයක් නැතුව ඒ ටිකත් යන්ඩ පුළුවන් උනා. අන්තිමට රෑ 11ට විතර අපිට ගල් වංගෙඩිය හරියට එන්ඩ පුළුවන් උණා.

ල් වංගෙඩිය ගාව තියෙන කඩේ සෑහෙන්ඩ හොඳ එකක්..... මොනවා හරි අඩු දෙයක් තියෙනවනං එතනින් ගන්ඩ පුළුවන්. ගණන් උනත් එච්චර අවුලක් නෑ.

තැනදි මුණ අතපය ටිකක් හෝදගෙන බඩටත් රොටියක් දෙකක් දාගෙන නිදියගන්ඩ සෙට් උනා.  ගල් වංගෙඩිය ගාව තියෙන කඩේ කාමර දෙනවා. කාමර කිව්වට ලෑලි තට්ටුවක් උඩට ප්ලාස්ටික් පැදුරු දාලා වටකරලා තියෙනවා. එච්චරයි. අපි පස්දෙනත් එකක් අරං නිදියයන්ද සෙට් උනා. ගැන රුපියක් 2500යි. ආපහු උදේ 3.30ට ගල් වංගෙඩිය ගාවින් පිටත් උනේ ඉර සේවය බලන එක අපි ඔක්කොගෙම උවමනාව හිංදා. එහෙම එනකොට අපිට හම්බවෙනවා හැරමිටිපාන අම්බලම. එතැනත් කඩයක් තියෙනවා, මොනාහරි ගන්ඩ ඕනේ නං. අන්තිමට ඔය ඔක්කොමත් කරගෙන අපි උඩ මළුවට එනකොට 5.50ට විතර ඇති. සෑහෙන්ඩ සෙනග ගොඩක් ඉර සේවේ බලන්ඩ ඉන්නවා. අපිත් පොඩ්ඩක් මහන්සි වෙලා ගත්ත ටික තමයි මේ......




තව පොඩ්ඩයි.....

ඔන්න ආවා....





කොහොමද ?

මම ගැහුවේ පස් සැරයයි

ට පස්සේ ශ්‍රී පාද පද්මයට නමස්කාරය කරලා අපි ආපහු ආපු පාරෙන්ම බහින්ඩ පටන් ගත්තා. හිමින් හිමින් අපි ආපහු එනකොට ගත්ත ෆොටෝ කෑලි ටිකක් තමයි මේ.....


2016 හම්බවෙච්ච ආඩම්බරකාරයෙක්

එයාගෙම තව එකක්

2016 යනකොට හම්බවෙච්ච කෙනෙක්

2016 ගත්ත එකක්

මේකත් 2016 ගත්ත එකක්
හිමින් සැරේ ආවට මොකද දෙන්නෙක් ෆුල්ම අවුල්. එකෙක්ව කරේ තියං ආව වගේ උනේ..... කොහොම හරි රෑ 9ට විතර අපිට එරත්නට එන්න පුළුවන් උනා. ඒ කියන්නේ දවස් එකහමාරක් විතර ගිහිල්ලා. හැබැයි ඒ බොහොම නිදහසේ, වටපිට බල බල ගිය හිංදා. නැත්තං උදෙන්ම ගිහින් හවස එන්ඩ පුළුවනුත් ඇති..... මොකද ඔක්කොම දුර එරත්නේ ඉඳලා කිලෝ මීටර් 12-13ක් විතර තමයි තියෙන්නේ.

මේ ඉන්නේ අපි ගිය සෙට් එක. ඒක දැම්මට අවුලක් නෑ නේ.....


යනකොට

එනකොට
ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි ගන්ඩ වැඩිපුරම මහන්සි උනේ අසංකයා.... ඌට එහෙනං ටැංකු කිව්වා ඈ....

බන අවුරුද්දෙත් මේ විදිහටම යන්ඩ හිතන් ඉන්නේ..... මොකද කියන්නේ, එනවද යන්ඩ ?