Friday, February 17, 2017

මේකේ මොකද්ද ලියන්නෙ, මොනවද ලියන්නේ කියලා තාම මම දන්නේ  නෑ .... මටත් තාම හිතාගන්ඩ අමාරුයි..... ඒත් මොනා හරි ලියන්ඩ පටං ගන්ඩ ඕනේ කියලා විතරක් හිතුවා.....  

ම සිංහල බ්ලොග් කියවන්ඩ පටන් අරං අවුරුදු කීපයක් වෙනවා.... මුලින්ම කියෙව්වේ ලක්බිම ඉරිදා පත්තරේක තිබිලා "හිස් අහස". ඊට පස්සේ දවසක කම්මලා එක්ක පොඩියට සැටමෝල් වුණු වෙලාවක "හිස් අහස" ගැන කතා කරද්දී තමයි මම අනිත් සිංහල බ්ලොග් ගැන දැනගන්නේ. එදා ඉදලා ඔක්කොම වගේ සිංහල බ්ලොග් ටික කියෙව්වා. ඊට පස්සේ දවසක මට සඳරු හම්බ උනා...... එදා රෑ කළුවරේ උහන පොඩි කැලෑවක ගලක් උඩට වෙලා, ගිනි මැලයක් වටේ ඉඳගෙන රවුන්ඩ් අප් බෝතල් 3-4ක් හිස්කරකර අපි කතා කොලා. ඒ රෑ තමා සෑ..... ඕක ගැන පුළුවන් උනොත් පස්සේ වෙලාවක ලියලා දාන්ඩම ඕනේ. ඔය අතරේදී තමයි කම්මලා මට ලියමු කියලා කියන්නේ. එතකොට මම කම්මලාගෙන් ඇහුවම මේකා මට කියනවා මම රට පුරා ඇවිදින එක ගැන නැත්තං මොන කැවුම් ගෙඩියක් හරි ලියපං කියලා....... ඒ එක්කම මාත් එක්ක හැමදාම ඉන්න අසංකයා මට ඉන්ඩ දෙන්නෙම නෑ.... ලියපිය කියලා මැරෙන්ඩ හදනවා. ඊට පස්සේ......

හෙනං මම ලියන්නං... වෙලාවක් තිබ්බොත්, ඇවිල්ලා කියවලා බලන්ඩ......

හෙනං අපි තිබ්බා..... ඉක්මනින්ම හම්බ වෙමු ඈ .....

ය වේවා.....