Saturday, April 4, 2020

මම මැරුනොත් ?

පි ඔක්කොමලා මේ වෙද්දී අඩුම වෙද්දී දවස් පහළොවක් ගෙවල්වල හිර වෙලා..... අත්‍යවශ්‍ය සේවා ඇරෙන්න අපි බොහොමයකට ලැබුණු අමුතුම අත්දැකීමක්..... 1988-90 කාලේ සෑහෙන තරමකට මතක උනාට, මේ තරම් කාලයක් ඇදිරි නිතිය දාලා තිබ්බා කියලා මට මතකයක් නෑ.... මම වැරදි නං හරිගස්සන්ඩ ඕනේ..... ඒ එක්කම අපිට එක එක මට්ටමෙන් මරණ බය කියන එක දැනෙන්ඩ අරගෙන..... ඔක්කොටමත් නෙමෙයි, සමහරු ඉන්නවනේ, මොනවා උනත් කිසිම ගානක් නැති..... උන් ටික ඇරෙන්ඩ අනිත් ඈයන්ට මම කිව්වාවගේ, එක එක ලෙවල් එකෙන් මරණ බය දැනිලා තියෙන්නේ. ඊයේ නැත්තං පෙරේදා මට යාලුවෙක් එවපු PDF එකකත් (Vanguard Survey (Pvt) Ltd කියලා ෆර්ම් එකක් කරපු අටමගලක්) ඔය වගේ ටිකක් ගැන තිබ්බා. මට නං ඒක ක‍රන්න ගත්ත නියැදිය ගැන එච්චර ෂුවර් එකක් නෑ. ඒ උනත් කව්රුහරි කියවලා බලන්න කැමතිනං මෙන්න ඒක.


කත් හරි එතකොට..... මම ලියන්ඩ කම්මැළි එකෙක්, කියවන්ඩ නං ඕන වෙඩිමක්.... මට මේක ලියන්ඩ ඕනේ කියලා හිතුනේ ඉයන් ලොක්කගේ "පළවෙනි කැමැත්ත අන්තිමටම" කියන පෝස්ට් එක කියවලා ඒකෙ comment එකකුත් දැම්මට පස්සේ. ඒකෙ තියෙන විදිහට අපිට අයිති දේවල්, වෙන විදිහකට කිව්වොත් භෞතිකව පවතින දේට (මට නං හිතෙන්නේ, ඒවා බොහෝමයක් අපිට අයිතියි කියලා හිතාන ඉන්න දේවල් කියලා - අවුල් වගේනං අමතක කරලා දාන්ඩ...) අපි මැරුණු දවසකට කරන්නේ මොකද කියලා. ඒ වැඩේ හොඳයි.... නැත්තං ඉතුරු වෙන උන්ටික මරා ගන්නවා. ඉයන් ලොක්ක කිව්ව විදිහට මම ඉතිං ලියන්ඩ යන්නේ, අපි මැරුණහම - අපි ඔක්කොටම තියෙන, භෞතික නොවෙන, ඒ උනාට අපිට දැන් වැඩිපුරම වටින e-mails, photos, figures(data) වගේ ඒවායේ අයිතියට කරන්න පුළුවන් දේ ගැන..... සමහරු දන්නවා ඇති මේක ගැන.... ඒ හිංද මේක ලියන්නේ ඒ ගැන නොදන්න අයට. අනික් ලොකුම දේ තමයි, මම tech පොරක් නෙමේ. මම මේ අතගාල හොයා ගත්ත ටිකක්. වෙලාවක් තියෙනවනං, වැඩක් වෙයි කියලා හිතෙනවනං ඉතිරි ටික කියවන්න.

දැන් ඉන්න වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail හිංද මම හිතුවේ ඒක ගැන ලියන්න. මොකද smart phone(Android based) වලින් ඔක්කගෙන තියෙන්නෙත් Google account එකක් හංදා. පස්සේ වෙලාවක අනිත් ඒවා ගැනත් හොයලා බලලා ලියන්ඩ හිතං ඉන්නවා. බලමු, කව්ද දන්නේ මොනවා වෙයිද කියලා.

මෙතැනදී gmail කිව්වට, Google productsවල control එක ගැන තමයි ලියන්න යන්නේ. Google products අස්සේ Gmail, Google photos, Blogger, Google drive, Hangout, Chrome data, Contacts වගේ හෙන සෙට් එකක් තියෙනවා කියලා දන්නවනේ.

පිට ඕනෙනං සම්පුර්ණ Google account එකේම හරි කොටස් වල හරි කන්ට්‍රෝල් එක අපි කැමති, කලින් නම්කරන එක්කෙනෙකුට හෝ කීපදෙනෙකුට දෙන්න පුළුවං.

ක කරන්න මුලින්ම තමන්ගේ Google account එකට ලොග් වෙන්න ඕනේ. ඒක කරන්න දන්නවනේ. එතැන දකුණු පැත්තේ උඩ, තමන්ගේ පොටෝ එක ගාව තියෙන පොඩි තිත් ටික ඔබලා (01) Account කියන එකට (02) යන්න. පහළින් තියෙන්නේ ඒක....

තකොට එන screen එකේ වම් පැත්තේ  තුන්වෙනියට තියෙන "Data & Personalization" කියන option එක(3) තෝර ගන්න. ඒ එන පිටුවේ ටිකක් පල්ලහාට වෙන්න තියෙන "Download, delete or make a plan for your data" කියන option එක(4) තෝරගන්න.


එන pageඑකේ "Start" කියන option එක තෝරාගන්න.

මෙතැනදී කියන්න ඕනෙ දෙයක් තියෙනවා. Googleලා අපි මැරිලා කියලා කොහොමද දැනගන්නේ කියන එක.... ඒකට ඒ අය (Google) පාවිච්චි කරන්නේ අපි අපේ account එකට ලොග් වෙන කාලසීමාවල්... නිකමට කිව්වොත්, අපි ජීවත් වෙලා ඉන්නවනං ඕනෙම කෙනෙක් අඩුම තරමේ මාසෙකට සැරයක්වත් email බලනවා (කියවනවා), google photos වලට ගිහිං පරණ ෆොටෝ ටිකක් බලනවා, google maps පාවිච්චි කරනවා, google drive එකට data දානවා/බලනවා. අන්න ඒක තමයි මෙතැනදී අපි මැරිලද කියලා හොයාගන්න උදව් කරගන්නේ.

දැන් ඉතිං එන screenඑකේ තියෙන ටික මේ විදිහට කතා කරලා බලමු. මෙතැන තියෙන සමහර options අපි email එකක් පාවිච්චි කරනකොට හුඟක් වෙලාවට fill කරන්න වෙනවා. මොකද ඒවා මූලිකවම ඕනෙවෙන දේවල්. සමහර options විතරයි දැන් fill කරන්න වෙන්නේ.


5 - මෙතැන දාන්න තියෙන්නේ කාලසීමාව, ඒ කිව්වේ අපි මාස කීයක් gmail, photos, maps වගේ Google products පාවිච්චි නොකලොත්ද අපි මැරිලා කියලා සලකන්නේ කියන එක. ඒක අපි තීරණය කරන්න ඕන එකක්. එතැන options කියලා මාස 3, මාස 6, මාස 12 වගේම මාස 18ත් තියෙනවා. මෙතැනදි අපි තෝරන කාලසීමාවට පස්සේ අපේ account එක inactive කියලා Googleලා සලකනවා. ඒ හිංද හොඳට හිතලා බලලා මේ option එක තෝරන්න. කොහොම උනත් accountඑක inactive කියලා සලකන්න, අඩුම තරමේ මාසයකට කලින් Google එකෙන් අපිව contact කරනවා. ඒ අපි පාවිච්චි කරන email addressඑක, recovery email addressඑක හරි අපේ phone number එක හරහා. 

6 - මෙතැන තමන් භාවිතා කරන ජංගම දුරකථන අංකයක් දාන්න ඕනේ. බොරු ඒවා දැම්මොත් අමාරුවේ වැටෙන්නේ තමාමයි කියලා හොඳට හිතේ තියාගන්න. මොකද අපිට password එක අමතක උනත්, ඒක recover කරගන්න තියෙන ලේසිම විදිහක් තමයි මෙතැන. අනික තමයි, අපි මැරුනහම අපේ account එකේ control එක මාරු කරන්න කලින්, text එකක් එවන්නෙත් මෙතැන දාන නොම්මරේට. ඒ හිංද මෙතැනදි බුල් කෙලින්ඩ එහෙම එපා.

7 - මෙතැනට දාන්නෙත් තමන්ගෙම email address එකක්. අපේ account එකේ control එක මාරු කරන්න කලින්, email එකක් එවන්නෙ. එහෙම එවලා මෙහෙම දෙයක් වෙන්න යනවා කියල කියන්නේ මෙතනදී දාන email address එකට.

8 - මෙතැන ඇවිල්ලා තමන්ගේ email එකේ recovery email address එක. මේක හුඟක් වෙලාවට අපි කලින්ම fill කරලා තියෙන basic requirement එකක්. මේ email address එකටත් account එකේ control එක මාරු කරන්න කලින් email එකක් එවනවාමයි.

ය ටික පුරවලා ඉවරවෙලා "NEXT" කියන තැනට කොටන්න තමයි තියෙන්නේ. එතකොට එන screen එකේ තියෙන ටික fill කරන එක දැන් බලමු.



9 - ඔන්න වැදගත්ම ටික. මෙතැනදී තමයි විශ්වාසය කියන එක වටින්නේ.  තමන්ගේ digital වත්කම් ටික තමන්ට විශ්වාස, ඒ වගේම තමන්ගේ Google account එකේ තියෙන දේවල්ටික වටින අය දහදෙනෙක් (10ක්) තෝරාගන්න. 10ක් ඕනෙම නෑ, එකෙක් හිටියත් ඇති. උපරිම 10ක් වෙනකල් add කරන්න පුලුවන්. "Add person" කියනඑක click කලහම email address එක දාන්න පුළුවන්. එහෙම දාලා "NEXT" කලහම තව window එකක් ඇවිත්, ඒ අදාළ පුද්ගලයට control එක දෙන්න ඕන data මොනවද කියලා අහනවා. එතැනදී තමන්ට කැමති ඒවා ටික තෝරලා දෙන්න පුළුවන්. පහලින් තියෙන්නේ ඒක.



තැන fill කලහම එනවා තවත් window එකක්. එතැනට කලින් email address එක දාපු කෙනාගේ දුරකථන අංකය දාන්න. දානකොට country code එකත් එක්කම දාන්න. මොකද කිව්වොත්  ඒ නොම්මරේට text එකක් google එකෙන් යවන හිංදා. මතක තියාගන්න, ඔය නම්කරන යට ඔයාගේ data access කරන්න, copy කරගන්න පුළුවන් මාස තුනක් විතරයි කියලා...... ඒක ඒ අයටත් කියලා තියන්න.


ය විදිහට තමං කැමති අයව add කරගන්න පුළුවන්. ආපහු මතක තියාගන්න, තමන් ජිවතුන් අතර නැති උනත් තමන්ගේ මේ දේවල්වල වටිනාකම දන්න, විශ්වාස අය විතරක්.......

10 - මේ තියෙන්නේ අමතර option එකක්. අර මුලුන්ම සෙට් කරපු මාස ගානෙන් පස්සේ ඔයාගේ email address එකට එන emails වලට auto-reply එකක් හදලා තියන්නත් පුලුවං.  ඕනෙනං auto-reply එක ඔයාගේ contact list එකේ ඉන්න අයට විතරක් යන්න හදන්නත්, පොඩි click එකකින් කරන්න පුලුවං. පහල තියෙන්නේ ඒක....



ය ටික කරලා "NEXT" කියන එකෙන් ඊ ළඟ පිටුවට යන්න තියෙන්නේ. ඔය පහළින් තියෙන්නේ අන්න ඒක.



මෙතැනදී අපි මේ වෙනකං කරපු ටිකේ සාරාංශයක් තියෙනවා.

11 - මේ තියෙන්නේ තමං කැමතිනං active කරන්න තියෙන එකක්. මම නම් recommend කරන්නේ ඔය option එක active කරන එක. මොකද අපි මැරුණට පස්සේ, නිකං බොරුවට ඔය servers වල ඉඩ පුරවං තියං ඉන්නෙකේ තේරුමක් නෑනේ...

අන්තිමටම "REVIEW PLAN" කියන එක click කරලා අපි මේ වෙනකල් හදපු plan එක බලන්න පුළුවන්.



න්තිමටම "CONFIRM PLAN" කියන එකට කොටාගෙන වැඩේ ඉවර කරන්න පුළුවන්. එතකොට අන්තිමටම එන screen එක පල්ලෙහා තියෙනවා.



මෙතැනදී උනත් ඔබට කැමති වෙනස්කමක් කරන්න පුළුවන්. කොටින්ම කියනවනම් මෙච්චර වෙලා හදපු plan එක inactive කරලා තියන්නත් පුලුවං.

කිසිම දෙයක් නැතුව ඕනෙනම් control එක දෙන්න නම්කරපු අයගේ email address / ෆෝන් numbers අයින් කරලා, accountඑක inactive වෙච්ච කාලෙක, තමන් තෝරගත්ත කාලසීමාවකට පස්සේ, සම්පුර්ණ Google account එකම මැකෙන්න හදන්නත් පුලුවන්. අන්න ඒක, ඔය උඩින් තියෙන අන්තිම screen එකේදි උනත් කිසිම අමාරුවක් නැතුව කලහැකී.

තමන්ගේ කැමැත්ත තමයි ඉතිං ඒක .....